top of page
Search

ළග එන නව වසරට හැදෙන කෑම වට්ටෝරුවට අදහසක්....


උත්සව කාලෙට අපේ රටේ කාන්තාවන් හරිම ආසයි එක එක විදිහේ කෑම වර්ග වලින් ආදරණීයන්ට පවුලේ අයට පිලි ගන්වන්න.

නත්තල් සැමරූ ආකාරය දැක්වෙන බොහොම ජයාරූප වලින් ඒ බව මනාවට පැහැදිලි වුනා. ඒවා හරිම ලස්සනයි. ඉතාම රසවත් පාටයි. නත්තලට අපි හැමදාම යන්නේ අම්මාගේ ගෙදර. ඇයගෙ ගෙදරත් කේක් වර්ගම 4 ක්ම​ තිබුනා. නත්තල් කියන්නේ ඉතින් කනවා තමයි. අපි හැමෝම කියන කතාව ඇත්ත නේද මට හිතුණා.




ළග එන නව වසරටත් අනිවාර්යයෙන් රසවත් කෑම වර්ග ලැයිස්තුවක් ම හදලා ඇති නේද? මාත් කල්පනා කලේ ඒ ගැනම තමයි. අන්තර්ජාලයේ සැරි සරමින් මම බැලුවේ 31 වෙනිදා රාත්‍රි ආහාරයට , නව වසරේ පලවෙනිදාට හදන කෑම වට්ටෝරු තමයි. කේක් වර්ග​, විවිධ රසයට හැදුන මස් වර්ග​, බත් වර්ග , සලාද ... අතුරුපස වර්ග​....


ඒත් එකපාරටම මට ලොකු ලැජ්ජාවක් ඇති වුනා. අපි ශ්‍රි ලංකිකයෝ ..කෝ අපේ අනන්‍යතාව ..අපේ කෑම මේස පිරිලා ඉතිරිලා තියෙන්නේ විවිධ රට වලින් ආභාශය අරන් හදපු ඒවා නේද කියලා. මහා ඉහළින් අපි හදන්නෙ චීස්, බටර්, සීනී සහ අධික තෙල් දාපු වෙනත් රට වල හිම මිදෙන සීත කාලයට උචිත අයුරින් හදන , අපේ රටේ වගේ එළවලු වර්ග කුළු බඩු නොමැති නිසා හදන ආහාර තමයි.




ඒත් ඔයාලා දන්නවද අපේ රට හැරදාලා ගිය අය වගේම වෙන රට වල අයත් මොනතරම් අපේ රටට ආවේණික ආහාර වර්ග කෙතරම් අගය කරනවා ද කියලා. රසට හදපු පොලොස් ඇඹුලක්, මාලු ඇඹුල් තියල්, ගස්ලබු අච්චාරු, කොස් සහ දෙල් වලින් විවිධ රසට හදන කෑම වල අගය දැනෙන්න වෙනත් රටකට පදිංචි වෙන්න යන්නම ඕන. වෙන රටවල සිටින මගේ නෑදෑයෝ එවන්න කියන ඒවා මට​ මතක් වුණා.




කොරෝනා වසංගතයෙන්ගොඩාක් අපහසුතාවයට පත් වෙන රට වලට විනයක් වෙලා තියෙන්නෙ ඔවුන් ගෙ මේ ආහාර රටාව තමයි. ප්‍රතිශක්තිය අඩූ වීමට බලපාන ප්‍රධානම කරුණක් ලෙස අධික තෙල් සහ සීනී සහිත ආහාර නම් කරන්න පුලුවන්. අපේ රටේ කුලු බඩු වර්ග වලින් පිසෙන ආහාර නිසා තමයි අපි කොරෝනා හැදුනත් ඉක්මණින් සුව වෙන්නේ.. කොත්තමල්ලි ජීවීතේට බීපු නැති මිනිස්සු මේ වෙනකොට දවසට දෙපාරක් බොන්නෙ ඒ නිසා නේද​?




අලුත් අවුරුද්දට අපේ රටේ විදියට කෑම පිළියෙල කරන්න කැමති අය බොහොම ටික දෙනෙක් ඇති. ගොඩාක් අය කියන කතාවක් තමයි "අපෝ හැමදාම කන බත් විශේෂ දවසකට කන්නෙ මොකටද කියලා " ඒත් ඒ කියන අය හැමදාම කන්නෙ බොහෝවිට කඩෙන් Fried Rice, කොත්තු . තෙල් සහිත පිටි සහිත කෑම. එලවලු ගත්තොත් අලයි පරිප්පු බෝංචි වගේ බොහොම සීමිත් ව්‍යංජන කිහිපයක් පමණයි. මස්, මාලු බිත්තර කන්නෙත් එකම විදියට උයලා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක ගොඩාක් අයට පොලොස් මාලුවක් තියා කොළ මැල්ලුමක් වත් හදා ගන්න වෙලාවක් නෑ. ඒත් විශේෂ දවසක් ආපු ගමන් රැල්ලට අහු වෙච්ච අපි හදන්නෙම වෙන රට වල මිනිස්සු හැමදාම කන ඒවා බව මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද​? ඒවා කාලා ටික දවසකට පස්සෙ තමයි ලෙඩ රෝග ටික ඉස්මතු වෙන්නෙ. ගොඩාක් අය වැඩි හරියක්ම කෑම ජාතී හදන්නෙ ලෝකේට පේන්නද කියලත් මට වෙලාවකට හිතෙනවා.


අලුත් අවුරුද්ද උදා වෙද්දි අතේ තියෙන සියලුම මුදල් වියදම් කර නොගෙන, ලෙඩ හදා ගන්නෙ නැතුව අපිට ආවේණික අපේ ආහාර​ වේලක් කන්න ඕන කියලා මම හිතා ගත්තා. මේ පාර අවුරුද්දට මම හදනවා අපේ රටේ අපිට ආවේණික කෑම වේලක්. මගේ දරුවන්ට මගේ රටේ අගය කියා දෙන්න ඕන කියලා මම නම් හිතා ගත්තා. ඉතින් ඔන්න මම ගත්ත අදහස් ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. මේ අලුත් අවුරුද්දෙ අපේ එකම ප්‍රාර්ථනාව තමයි නිරෝගී සම්පත​. අපේ රටේ අපි අහල වත් නැති ඉතාම රසවත් ගුණවත් ආහාර වර්ග ඕනෑ තරම් තියෙනවා යූ ටියුබ් චැනල් වල පත්තර වල​. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න​.. අපේ රටේ මිනිසුන් ගේ අතින් හැදෙන අපේ පොලොවෙන් මතුවෙන දෙයක් අගය කරලා අවුරුද්ද පටන් ගන්න​. අපේ රටේ ආහාර වලට තැනක් දීලම පටන් ගමු නේද​? "


අලුත් අවුරුද්ද උදා වෙන්කොට ම මේ වගේ අපේ රටේ ආහාර වර්ග වලින් කෑමමේසය හැඩ වුනොත්.....


ඔබ සැමට නිරෝගීමත් සුබ නව වසරක් වේවා!

ආයූ බෝ වේවා"
















 
 
 

Comments


Post: Blog2_Post

Subscribe Form

Thanks for submitting!

©2020 by The Diary of a Unique Mom. Proudly created with Wix.com

bottom of page