top of page
Search

බර අඩු කරගන්න ඕන නිසා නත්තල් අහාර වලට නම් ඉඩ දෙන්න එපා

මෙහෙම කිව්වහම ඔයාලට මොකද හිතෙන්නේ කෑම කියන්නේ ඉතිං අනිවාර්යෙන් බරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයක්නෙ මටත් තියෙන ප්‍රශ්නය මේකම තමයි. නත්තලත් එක්කම මට තියෙන ලොකුම ගැටලුව තමයි කන්න ආසා ඒව ටික කාලා මහත් වෙන්නේ නැතුව ඉන්නෙ කොහොමද කියන එක. ඉතින් මම මේ ඊයේ සත්මග පොත කියවද්දි දැකපු ලිපියකින් මගේ සිතුවිලි ධනාත්මක වුනා. මට හිතුණා ඔයාලටත් කියන්න.

මොකද දුවේ ඔයා දවල්ට කෑවෙ බත් කටවල් කීයද?

දැන් රෑට කන්නෙත් ඉදිආප්ප පහක් හයක් විතරයි. ඔහොම කාල හරි යනවද?

මේ අවුරුද්දේ මගේ බර 25kg කින් වැඩිවෙලා. ඇඟත් දැන් බර වැඩියි කියලා තේරෙනවා. ඒකයි කෑම අඩුවෙන් කන්නේ අම්මා.


අනේ මන්දා අපේ කාලෙ නම් ඕව අහන්ඩ වත් නෑ හැබැයි හාල් පිටි අපි ගත්තේ ගෙදර වංගෙඩිය දාලා. කෑවෙ හදාගත්ත කොළ වර්ග එළවළු එහෙම තමා. ඒ කාලේ කුඹුර හැදෙන දිය හබරල හාල් මැස්සන් එක්ක තෙල් දාලා ගත්තහම හාල් සේරු බාගයක් වුණත් බත් කන්න පුළුවන්. අද ඒව දකින්නවත් නෑ.

මේ මට අසන්නට ලැබුණු බව සහ දුවක් අතර වූ දෙබසක්.


අද බොහෝ කාන්තාවන් බර අඩු කර ගැනීමට කෑම පාලනය කරනවා. නමුත් බොහෝ කාලයකට පෙර කාන්තාවන් අතරේ බර අඩු කර ගැනීමට අවශ්‍යතා නොවීය.


කාර්මිකකරණය නිසා කාන්තාවන්ට මෙන්ම පවුලේ හැමෝටම ලෙඩ රෝග වැඩිවෙලා. කොහොම නමුත් අපේ බර අඩු කර ගන්න ආහාර පාලනය කලයුතුම අපි විමසා බලමු.


මේ ආහාර පාලනය කරන්නා එක්තරා කාලයක් කෑම ගැනීමේ පුරුද්ද සහ ජීවිතය පුරුදු මනා ලෙස පවත්වාගෙන යනවා. ප්‍රශ්න ඇති වෙන්න ගන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ටිකෙන් ටික ආහාර පාලනය අමතක වෙලා යනවා ඔන්න ඔහේ ඇරිල යාවි. මට වැඩි උනේ රාත්තල් කීයද?. මේ සුමානේ මට වියායාම් කරගන්න බැරි වුණේ දින කීයද? එවැනි හැඟීම් නම් බර අඩු කර ගන්න හිතන අය අතර සුලබයි නේද?


ඔබේ පසුබෑම් වලට මුහුණ දී ඒ සැණකින් නිවැරදි කරගන්න. මං ඇරඹුවේ සදුදා නේ. ලබන සදුදා ටත් ආයෙත් පටන් ගන්නවනෙ කියලා හිතන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.


ප්‍රමාණයට වඩා කටයුතු කරන්නත් එපා. ආහාර ගන්නා වෙලාවල් මගහැරීමෙන් ඔබව තවත් අපහසුතාවයට පත් වෙනවා. කෑම ගැනීමේ ක්‍රමය ද වෙනස් වෙනවා.


එවැනි හැඟීම් ඇතිවීම ගතියකි. උදාහරණයක් ලෙස සෑම සිකුරාදා දවසකම නීතා පැණි රස කෑමක් හදාගෙන කන්න පුරුදු ඉඳහිට ආස කරන බීමක් එහෙමත් බිව්වා හැබැයි පාලනයකින් යුතුව. ඇය ඒ ගැන තමාට වරද පටවා ගත්තේ නැහැ. ඇය පරාද වූ බවක් සිතුවෙත් නෑ. එය තමයි විය යුත්තේ.


අසාර්ථක වීම් ගැන පසුතැවිලි වීම් සුදුසු වෙන්නේ නැහැ. තමා ලැබූ සාර්ථකත්වය ගැන පමණක් සිතන්න. ඔයා රාත්තල් කීයකින්ද බර අඩු කර ගත්තාද? ඔබේ ශරීරය වෙනසක් තියෙනවද වගේ ප්‍රශ්න ගැන නිතර සිතමින් කලකිරෙන්නට අවශ්‍ය අවශ්‍ය නැහැ. සිතිය යුත්තේ ඔබ රාත්තල් හතරකින් බර වැඩි වුවත් ඔබ කලින් සිටියාට වඩා හොඳ තත්ත්වයෙන් සිටින බවයි. දුක් වෙන්න එපා. ඔබ යළිත් උත්සාහ කළ හැකි නේද?


ඔබ තදින් ඇබ්බැහිවී සිටි පුරුදු වූ එක්වරම නැවිත් නැවැත්වීම පහසු නැහැ. බැවින් බලාපොරොත්තු සුළු ප්‍රමාණයන්ට වෙන්කර ගෙන පාලනය කළ හැකි අයුරින් සකසා ගත් විට අපහසු යැයි සිතන දේවල් එතරම් අපහසු නැති බව ඔබටම වැටහෙනු ඇති.


ඔබ වරක් පසුබෑමකට ලක් වූ පසු සම්පූර්ණ වැඩසටහන නැවත ආරම්භ කිරීම ඔබට කරදරකාරී ක්‍රියාවක් ලෙස හැඟෙන පුළුවන් එසේ වුවහොත් ඔබ වෙනත් අරමුණු ඇති කරගෙන යථාර්ථවාදී බලාපොරොත්තු ඇති කර ගන්න.


බර පාලනය කරද්දී අද හරි තෙහෙට්ටු දවසක් යැයි සිතන්නේ නම් එයින් අදහස් වන්නේ අද මං වැඩිපුර කෑම කාලා ව්‍යායාම් නොකර ඉන්නවා යන්න තමා. තමාගේ වැරැද්දක් අතපසුවීමක් වසා ගැනීමට කුමක් හෝ දෙයක් හිතා ගන්න පුළුවන්. ඒත් කිතුල් ගහට ගිය මිනිසා වගේ වෙන්න නම් එපා.


ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වෙන්නත් එපා.

බොහෝ අය බලාපොරොත්තු වන්නේ සිතන්නේ ඔවුන්ගේ බර අඩු වූ විට ජීවිත විද්‍යාවකින් මෙන් වෙනස් වේවි. විවාහ ජීවිතය පවා යහපත් වේවි. රැකියාවේ තත්ත්වය උසස් වේවි. සමාජ තත්වය පවා වෙනස් වේවි වශයෙන්. ඒක ඉතාම මෝඩ අදහසක්. බර අඩු වීමෙන් සමහර ප්‍රශ්න අඩු වීමට හේතු විය හැකියි. නමුත් සමහරකුට වෙන්නේ රැවටිල්ලක් පමණි. බලාපොරොත්තු කඩවීම නිසා ආහාර පාලනය නිවන් දෙතුන් ගුණයකින් එය වැඩි විය හැකියි.


ඔබ ට අඩු කරගත යුතු බර ප්‍රමාණය අඩු කර ගන්නට පෙර සුළු ව්‍යායාම කරන්න. ඒ සඳහා තමුන් කැමති ක්‍රීඩාවක් කිරීම නර්තනයේ යෙදීම මේ වගේ වත්තෙ වැඩ කිරීම තමන්ට අමතර ආදායමක් ලැබෙන ලැබෙන ලෙස වගාව කිරීම වැනි දේ කරන්න පුළුවන්. එමෙන් විශාල බලාපොරොත්තු ඇති කර නොගෙන කුඩා ඒවායින් අරඹන්න. ඒ සමගම විශ්වාසය ඇතිකර ගන්න.

ඔබ ඉතා උස කන්දක් තරණය කිරීමට සූදානම් වෙනවා යැයි සිතන්න. ඔබ කඹ වල ආධාරයෙන් කන්දේ බොහෝ දුර නැග ඇත. දැන් එම කාර්යය සිදුවන්නේ සෙමින්ය. එක්වරම පය ලිස්සා මදක් දුර පහත පහතට ලිස්සා යෑමට ද පුළුවන. එවිට ඔබ කඳු තරණයෙන් ඉවත් වනවාද? මට බෑ කන්ද මුදුනටම යන්න කියා පසුබට වනවාද? නැතහොත් තවත් උත්සාහකර කඳු මුදුනටම යනවද?


කිසිදු අයෙකුට මදක් ලිස්සා යාමෙන් මඳක් නතරව සිටීමෙන් තොරව කන්ද නැගීමට නොහැකි ය .

ආහාර පාලනය කරන අයද සමහර විට බර අඩුවීම, මඳක් වැඩි වීම සිදුවෙන නමුත් සාර්ථකත්වයම බලාපොරොත්තු වන අය ඒවාට සැලෙන්නේ නැත.


#උපුටා ගැනීමකි.

සත්මග සගරාව ඇසුරිනි


 
 
 

Comments


Post: Blog2_Post

Subscribe Form

Thanks for submitting!

©2020 by The Diary of a Unique Mom. Proudly created with Wix.com

bottom of page