අන්තර්ජාල පහසුකම් හරහා රැකියාවක් හොයාගන්නෙ කොහොමද?
- thediaryofauniquem
- Dec 23, 2020
- 2 min read
කොරොනා වසංගතය ත් එක්කම අපිට සෑහෙන ආර්ථිකමය අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවෙලා. සමහර කාන්තාවන්ට ඔවුන්ගේ රැකියා වලට සමු දෙන්න සිදුවෙලා. සමහර කාන්තාවන්ට වැටුප් ලැබෙන්නේ අඩුවෙන් මේ වාගේ මෙකී නොකී ගොඩාක් ආර්ථිකමය අපහසුතා නේද?
ඉතිං මෙන්න මේ වාගේ වෙලාවට අපිට පුලුවන් නම් වෙනත් ආදායම් මාර්ගයකින් මුදල් ටිකක් උපයන්න.
අද මම ඔයාලා එක්ක කියන්න යන්නේ අන්තර්ජාල පහසුකම් හරහා රැකියාවක් කරන ආකාරය ගැන. අන්තර්ජාලය හරහා රැකියාවක් කරන්න පටන් අරන් මේ වෙනකොට අවුරුදු 8 කටත් වැඩි. මගේ දැනුම මේ වාගේ අවස්ථාවක මගේ රටේ කාන්තාවන් එක්ක බෙදාගනිමින් ඔවුන්ට දිරි දීමක් දෙන්න මම සුදානම්.
මුලින්ම ඔයාලා හැමොටම කියන්න තියෙන්නේ එකපාරටම ලක්ෂ ගනන් උපයන්න හිතන්න එපා. අනිවාර්යයෙන් ඔයලාට එහෙම උපයන්න පුලුවන් කාලයත් ඉවසීමෙන් කටයුතු කලොත් අපේ රටට විදේශ විනිමය උපයලා අපේ රට දියුණුවට පත් කරන්න අපට පුලුවන්.
හරි අපි බලමු කොහොමද මේ වාගේ රැකියාවක් හොයාගන්නෙ කියලා. ගොඩාක් අය ආසා බව නම් ඇත්ත ඒත් පොඩ්ඩක් බලන්න ඔබ සූදානම් ද කියලා.
1- හොඳ පරිගණකයක් ( Laptop හෝ Desktop ) 2. හොඳ අන්තර්ජාල පහසුකම ( good internet connection ) 3. සාමාන්‍ය හෝ ඉංග්‍රීසි දැනුම අනිවාර්යයෙන් ( අපි සේවය කරන්නෙ වෙන රටක සිටින සේවා දායකයින් සදහා නිසා ) 4. පරිගණකය හැසිරීමට හැකියාව
මම දන්නවා අපේ රටේ බොහොමයක් කාන්තාවන් මේ සියලුම අංග වලින් පුර්ණ බව. එහෙනම් මේ වැඩේට කැමති ඔයාලා හැමොටම පුලුවන් internet හරහා රැකියාවක් හොයාගන්න.
ගොඩාක් අය හිතන් ඉන්නෙ මේ වාගේ රැකියාවක් කරන්න අපි මූලික ගෙවීම්ක් සිදු කරන්න ඕනෑ කියලා. එහෙම කියන ආයතන website මම දැකලා තියෙනවා. ලොකු බොරුවක්. ඒ වගේ දැන්වීම් වලට අහුවෙන්න නම් එපා.
පහලින් මම සදහන් කරන website වලට ගිහින් ඔයාලා ගේ profile එකක් හදාගන්න. ඊට පස්සෙ ඔයාගේ දැනුම සහ කුසලතා වලට ගැලපෙන job වලට Apply කරන්න පුලුවන්. මේ සියල්ල නොමිලේ කරන්න පුලුවන්. අපි කියමු ඔයාට රැකියා අවස්ථාවක් ලැබුනා කියලා . ඒක උපරිමයෙන් වගේම සතුටෙන් කරන්න.
සේවා දායකයින් මුදල් අපිට ගෙවන අවස්ථාවේදී තමයි මේ website 10% , 20% වැනි ප්‍රතිශතයක් අඩු කර ගන්නේ. ඒ ගැන දුක් වෙන්න එපා ඔබට ඔවුන්ගේනුත් හොද සේවාවක් ලබාගත හැකියි. මේ websites Freelancer payment protecting methods පවත්වා ගනු ලබනවා. ඉතින් අපිට බය නැතුව සේවාවක් සපයලා අපේ මුදල් ලංකාවට ගේන්න පුලුවන්. අපේ බැංකුව ට Direct Deposit කරන්න පුලුවන ඉතාම සුලු මුදලකට එහෙම නැත්නම් නොමිලේම.
Www.Linkdin.com මේ ගැන මම විශේෂයෙන්ම කියන්න ඕන. අනිවාර්යයෙන් Linkdin එකේ profile එකක් හදාගන්න. මේ වෙනකොට අපේ රටේ තියෙන ප්‍රධාන ආයතන මේ හරහා රැකියා අවස්ථාවන් පල කර පටන් අරන්. covid නිසා ගෙදර ඉදන් සේවාවක් ලබා ගන්න ඔවුන් සූදානමින්
ඉහත සදහන් කරපු හැම website එකකම මගේ හෝ මගේ ආයතනයේ team profiles තියෙනවා. ඉතිං මීට අමතරව මම වැඩ කරලා නැති ඒත් ඔයාලාට වැදගත්කම තියෙයි කියලා හිතෙන websites සදහන් කරන්නම්.
Www.designhill.com Www.toptal.com Www.weworkremotely.com Www.behance.com Www.simplyhired.com Www.dribble.com
මම බලාපොරොත්තු වෙනවා මගේ පලපුරුද්දෙන් ලබා ගත් දැනුම හැකි සෑම විටම බෙදා ගන්න.
දරුවන් තුන් දෙනෙකුට අම්මා වෙමින් ගෙදර සියලුම වැඩත් කරගෙන, තව පුංචි Team එකක් supervise කරගෙන Remote Accountant කෙනෙකු ලෙස කාලය කළමනාකරණය කර ගැනීම ලෙහෙසි නෑ.
ඒත් මම ලියන්න හරිම ආසායි. රටේ ආර්ථිකමය ගැටලු එක්ක මාගේ දායකත්වය අවශ්‍යයි කියලා මට දැනෙන්නට පටන් අරන්. එදා ඉදන්ම අපේ රට නගාලීමේ ක්‍රියාවලිට උර දුන්නේ අපේ කාන්තාවන් තමයි . ඔව් අපිට පුලුවන්.
දැනට ඔයාලාට ලියන්න සූදානමින් සහ බලාපොරොත්තු වෙන් සිටින ලිපි පෙල මෙන්න. 1- How to create a profile at the Freelancer site 2 - Freelancer job types and payments /rates 3- how to apply for job /How to send a proposal 4- systems and Software Knowledge

5- Current Freelancer Market
ඉතින් මේ වාගේ තවත් ලිපියකින් ඔබ අතරට එනතෙක් ඔබට ආයුබෝවන්
Comentarios