top of page
Search

2021 වසරට සූදානම් ද?


2020 වසරේ අවසාන දවස් කිහිපයක පසු කරමින් තමා අප සිටින්නේ.. ඊළඟ අවුරුද්ද පිළිබඳව පැහැදිලි මාර්ග සිතියමක් සැකසීමට සුදුසම කාලය කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඊළඟ අවුරුද්දේ අපේ ජීවිතය සාර්ථක කරගෙන සාර්ථක පුද්ගලයන් ලෙස ජීවත් වීමට නිශ්චිත සන්දිස්ථාන කිහිපයක් සලකා බලමු.

ඉලක්ක ලැයිස්තුව ලියන්න මෙන්න මගෙන් පුංචි අදහස් ටිකක් ......


 


  • මුල්‍යමය ඉලක්ක (Financial Goals)

$ ඉපයීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය.

$ ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය

$ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය

$ වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය



  • පුද්ගලික සංවර්ධන ඉලක්ක (personal development )

# ඉගෙන ගැනීමට ආශා වන නව කුසලතා මොනවාද?

# තවත් දියුණු කර ගත යුතු කුසලතා මොනවාද?

#අලුත් විනෝදාංශ , අලුත් පුරුදු




  • සම්බන්ධතා ඉලක්ක (Relationship goals)

# ආදරීණීයන් සමග පවුල සහ මිතුරුදම් සම්බන්ධතා දියුණු කර ගැනීමට කල හැකි දේ.

# පවුල සහ මිතුරන් සමග යාමට හැකි විනෝද සවාරි




රැකියාව/ව්‍යාපාර ඉලක්ක (work/career goals)


# වැඩ කිරීමට ඇති ව්‍යපෘති ගණන

# වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් ගණන



  • සෞඛ්‍ය සහ යෝග්‍යතා ඉලක්ක (Health and Fitness Goals)

# අඩු/වැඩි කර ගැනිමට බලාපොරොත්තු වන බර ප්‍රමාණය

# සිරුරේ බර අඩු කර ගැනීමට හෝ අඩු කර ගැනීමට කල හැකි දෑ

# නුසුදුසු ආහාර පාලනයට කල හැකි දෑ

# ව්‍යායාම වෙනුවෙන් වැය කල හැකි කාලය




  • ච්ත්තවේගීය ඉලක්ක (emotional goals)

# සතුටින් සිටීමට කල හැකි දෑ

# භාවනානුයෝගීව ගත කිරිමට කල හැකි දෑ , ස්ථාන


දායකත්ව ඉලක්ක - (Contribution goals)

# අන් අය වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන මුදල් සහ කාලය

# අන් අය සතුටු කිරීමට කල හැකි දේ

# අන් අයට සේවයක් කල හැකි දේ


ඊළඟ අවුරුද්දේ ඔබ කිරීමට සහ ලබා ගැනීමට බලාපොරොත්තු සියලුම දේ ලියා ගැනීමෙන් ඔබ තුල ඇති ධනාත්මක ශක්තිය වැඩි වන අතර එමගින් මේ වසරේ ඉතිරි දින කිහිපය සතුටෙන් ගෙවා දැමීමටත් නව වසර ප්‍රීතිමත්ව පිළි ගැනීමටත් හැකි වනු නොඅනුමානයි.


ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා



 
 
 

Comments


Post: Blog2_Post

Subscribe Form

Thanks for submitting!

©2020 by The Diary of a Unique Mom. Proudly created with Wix.com

bottom of page